Sunday, August 4, 2013

මහා මගට ඇද දැමු මවු පිය සෙනෙහස,,,,,,,,,,,,,,,,,,,

දරු සෙනෙහස තුලාවක ලා මනිනු නොහැක.දරුවෙකු වදන්නට   දරුවෙකුගේ  දෑස් පාදන්නට බඩගින්න ඉවසමින් හෝ දරු පැටවුන්ගේ බඩගින්න  නිවන්නට දරුවන් වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ වුව දන් දෙන්නට පාරමිතාවක් පුරන තරමේ සෙනෙහසක් ළය දරා හිදින මවුවරුන්ගේ ආදරය මෙතෙක් යැයි කියනු නොහැක .ඒ ගෙවුන සෙනසුරදාවයි  .එක දිගට මහා වැසි ඇද හැලෙමින් තිබුණි .මග්ගොන දියලගොඩ ප්‍රදේශයේ ශාන්ත   සෙබස්තියන් දේවස්ථානයේ පියතුමා දේව පුජාවකට ගොස් පැමිණෙද්දී උන් වහන්සේ දුටුවේ පල්ලියේ ඉස්තෝප්පුවේ සීතලට වෙවුලමින් ගුලිගසිසිටියේ වියපත් යුවලකි .දරුවන් හය දෙනාගෙන් පස් දෙනෙක්ම ජිවත් වෙන්න තරම් හොද අර්ටික ශක්තියක් තිබුනත් ඒ  දරුවන්ගෙන් මේ මවුපියන්ට ආදරයක් ලැබුනේ නැත .තමාට ලැබෙන නවදහස් ගණනක විශ්‍රාම වැටුප දරුවන්ට දුන්නත් අවසාන උරුම වුයේ මහමග සරණත් ඇදිවතේ උරුමයත් පමණි .අම්මගේ මුහුණ අවුවට පිච්චි තිබුණි .දියණියක ලග ඉද්දි මුණුපුරන් දෙදෙනෙකු ඔහුවූ ත්‍රී විල් රථයකින් කටුව ගෙන ඇවිත් අතරමන් කර දමා යන්නට ගිය දවසේ පටන් සරණක් අහිමි ලොවක ඔහුව් සරන්නට වුහ ''.මැනලද පුතේ කිරිදුන්නේ මා නුබට ''අදටත් දයාබරත්වයෙන් එදා සේම ආදරයෙන් ඒ අම්මා ත් තාත්තත් දරුවන්ගෙන්  විමසන එකම පැනය එයයි.,,,,,,,,,,,,,,,,,,,

No comments:

Post a Comment